රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ‍්‍රී ලාංකික ශ්රමිකයින් පිරිසකට එරට පොලීසිය විසින් කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වනවා.
මෙම පිරිසට රැකියා අහිමි වී ඇත්තේ කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන්.
ඔවුන් ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියා අහිමි වී සිටින ශ‍්‍රී ලාංකිකයින් 500ක පමණ පිරිසක්.
එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.
එහිදී තමන්ට නිසි විසදුමක් නොලැබුණු බවට අදාළ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් විරෝධය පළ කර ඇතැයි සඳහන්. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ එම ශ‍්‍රී ලාංකිකයින්ගේ ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි.
Monday, July 27, 2020
ජෝර්දානයේ සිරවී සිටින ලාංකික ශ්රමිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්රහාරයක් - (video)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment