කතානායනක - නීතිපති ගැටේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 31, 2020

කතානායනක - නීතිපති ගැටේ !

මරණ දඬුවම හිමිවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පේ‍්‍රමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් කතානායක වරයා සහ නීතිපතිවරයා අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා මනාප ලබාගත් ප්‍රේමලාල් ජයසේකර මේ වන විට මැතිවරණ කොමිසමෙන් විසින් මන්ත්‍රීවරයෙක් ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත.

කතානායකවරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ 8 වැනි දා පාර්ලිමේන්තු සැසි වාරයට චොකා මල්ලි කැඳවාගෙන එන ලෙසයි.

නමුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ තමන් කටයුතු කරන්නේ නීතිපතිවරයා ලබාදුන් නීති උපදෙස් ප්‍රකාරව බවයි.

නීතිපති විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ මරණ දඬුවම හිමි වූ අයෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාවක් නැති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad