රැම්සා රක්‍ෂිතය වැනසීම ගැන ව්‍යාපාරිකයා කූඩුවේ සිට වමාරයි.. ප‍්‍රබල දේශපාලන සොහොයුරා මාට්ටුයි.. අල්ලන්න පොලිසියෙන් යද්දී පලා යයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 30, 2020

රැම්සා රක්‍ෂිතය වැනසීම ගැන ව්‍යාපාරිකයා කූඩුවේ සිට වමාරයි.. ප‍්‍රබල දේශපාලන සොහොයුරා මාට්ටුයි.. අල්ලන්න පොලිසියෙන් යද්දී පලා යයි..

පුත්තලම ආනවිලුන්දාව රැම්සා රක්ෂිතය ඩෝසර කිරීමට නුබල දුන්නේයැයි චෝදනා එල්ල වී ඇති ප්‍රබල දේශපාලඥයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.

නමුත් මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇතැයි පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

කෙසේ නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි අංශ ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ විමර්ශන අරඹා ඇති බවත් මෙම සැකකරු ඉදිරි දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය සඳහන් කරයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින ව්‍යාපාරිකයා විසින් පොලීසියට පවසා ඇත්තේ මෙම සිද්ධියට අනුබල ආධාර දුන්නේ දිස්ත‍්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකුගේ සොහොයුරා බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad