බන්ටිගේ ගෝලයන් 4 දෙනකු අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 23, 2020

බන්ටිගේ ගෝලයන් 4 දෙනකු අත්අඩංගුවට



තලංගම පොලීසි විසින් මීට සති කිහිපයකට කලින් අත්අඩංගුවට ගත් නමගිය අපරාධකරුවකු වන බත්තරමුල්ලේ බන්ටිගේ ගෝලයන් 4 දෙනකු ඊයේ රාත්‍රියේදී තලංගම පොලිසියේ දුෂණ මර්දන කොට්ඨාශය විසින් බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී  .


අත්අඩංගුවට ගත් අය අතර වයස කාන්තාවක් (40) විශ්‍රමගිය ගුවන් හමුදා සෙබලෙක් (35)සහ වයස 20 සහ 21 තරුණයින් දෙදෙනෙක් වන අතර ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රාම් 20ක් හෙරොයින් ග්‍රෑම් 5ක් කේරල ගංජා ග්‍රෑම් 40ක් මුදලින් රුපියල් 15000ක් සහ ජංගම දුරකථන කිහිපයක් අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුවන් අද දිනයේදී කඩුවෙල මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉදිරි විමර්ශන තලංගම පොලිසියේ දුෂණ මර්දන කොට්ඨාශය විසින් සිදුකරනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad