වන සංරක්ෂක ජනරාල් වරයාගේ උපදෙස් මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් 17 දින කොට්ටාවේ ප්‍රදේශයේ දැව මෝලක් පරීක්ෂා කිරීමේදී අනවසර කුඹුක් හා කොස් දැච විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇත. තවදුරටත් මෙම දැව මෝල පරීක්ෂා කිරිමේදී කුඹුක් දැව වලින් කොටසක් දැව මෝල අසල ඉරීම සඳහා ගබඩා කර තිබු අතර තව කොටසක් ලෑලි බවට පරිවර්ථනය කර තිබී සොයා ගෙන ඇත.
පසුව මෙම අනවසර දැව සම්බන්ධයෙන් දැව මෝල හිමිගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් පවසා සිටියේ මෙම දැව රාත්‍රී කාලයේ තම ව්‍යාපාරික ස්ථානය වෙත ලොරියකින් රැගෙන ආ බවත් පසුව තම නිවස ආසන්නයේ මෙම දැව බා ලොරිය ඉදිරිපස නවතා හිමිකරු පිටව ගොස් ඇති බවත් ඒ පිළිබඳ තමන් නොදන්නා බවත් දැව ගෙන එනු ලැබුවේ කවුද යන්න පිළිබඳ නිශ්චිතව තමන්ට ප්‍රකාශ කල නොහැකි බවත්ය.
මෙම කුඹුක් දැව වල ස්වභාවය අනුව හා ඉතා තද පැහැති වර්ණයකින් යුත් මුල් කොටසේ වැලි සහිත ඉතා දෘඩ භාවයකින් යුත් බව අනුව කුඹුක් දැව වියලි කලාපයට අයත් කුඹුක් ශාක බව වැටලීමට පැමිණි නිලධාරින් විසින් වටහා ගෙන ඇත.
මෙම කුඹුක් දැව මොණරාගල ප්‍රදේශයේ සිට LB-4581 දරණ ලොරි රථයෙන් දැව මෝල කරා ප්‍රවාහනය කර ඇති බැව් තහවුරු වී ඇත. රථය තුළ තැනින් තැන කොහු විසිරී තිබුණු අතර විශාල කොහු ප්‍රමාණයක් මෝල අසල ද දක්නට ලැබුණින් දැව කොහුවලින් ආවරණය කර ගෙන පැමිණ ඇති බැව් ද අණාචරණය වී ඇත.
අනවසර කොස් දැව පරීක්ෂා කිරිමේදි එම කොස් දැච සඳහාද කිසිදු බලපත්‍රයක් දැව මෝල හිමිකරු සතුව නොතිබුයෙන් එම දැව තොගයද අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. මෙම දැව සියල්ල රාජ්‍ය දැව සංස්ථාව වෙත බාරදී ඇති අතර කුඹුක් දැව චල වටිනාකම මිලියන 1,41ක් ලෙසත් කොස් දැවවල වටිනාකම මිලියන රු,50, මිලියන 64 ක් ලෙසත් රාජ්‍ය දැව සංස්ථාව විසින් තක්සේරු කර ඇත.
දැව මෝලේ හිමිකරු වරද පිළිගෙන ඇති බැවින් ඔහුට රු. 1,00,000/= දඩයක් පනවා ඇති අතර දැව සියල්ල රජය සතු කර ඇත. මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගැනිමට වන සංරක ජනරාල් වරයා විසින් කටයුතු කරනු ලබයි. මෙම වැටලිමට සහභාගි වු නිලධාරීන් වුයේ ආරක්ෂණ හා නිතික්‍රියාත්මක කරන අංශයේ ධනපාලක කේ. ඩී. ඒ. ජයසිංහ, වයඹ බස්නාහිර කලාපයේ වන පාලක එම්.එස්. යු. පී. යාගය ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි.
No comments:
Post a Comment