මූඩීස්ට වැරදිලා.. ලංකාව ස්ථාවරයි - ඇමති කබ්රාල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 30, 2020

මූඩීස්ට වැරදිලා.. ලංකාව ස්ථාවරයි - ඇමති කබ්රාල්

මූඩීස් ජාත්‍යන්තර වර්ගීකරණ ආයතන විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණි ගත කිරීම් වලින් පහතට ඇද දැමීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කණස්සල්ල පලකරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තීරණය ගෙන ඇත්තේ මූඩීස් ආයතනය විසින් වැරදි විශ්ලේෂණයකින් පසුව බවයි.

ශ‍්‍රී ලංකාව වසර 5කට පසුව මේ වන විට දේශපාලන ස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවත් එනිසා ව්‍යාපාරික විශ්වාසය ඉහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කරයි.

නමුත් මූඩීස් ආයතනය ඒ කරුණු ගැන සැලකිල්ලක් දක්වා නැතැයිද ඇමැතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ භූමියේ තත්ත්වය, ප්‍රායෝගික කරුණු, ආර්ථිකයේ සිදුවන වෙනස්කම් ආදී කාරණා ද මූඩීස් ආයතනය විසින් සැලකිල්ලට ගෙන නැති බව ද ඔහු සඳහන් කළේය.

මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ඉදිරියේ දී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරෙන බවත් එය නිසි පරිදි ගෙවා අවසන් කරන බවත් ඇමතිවරයා එහිදී තව දුරටත් සඳහන් කළේය. 


No comments:

Post a Comment

Post Bottom Ad