ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ ඉස්සන් කොටුවක් ඉදි කිරීමේ සිද්ධියට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බවද ඉස්සන් කොටුවක් සුද්ද කලාම ඔක්සිජන් නැතිවෙන්නෙ නැති බවද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා පවසයි. අක්කර දෙසියක පමණ වූ එම භූමි ප්‍රදේශය අදාල සමාගම 1996 වසරේදී අතහැර ගිය පසු ප්‍රදේශයේ ජනතාව රජයට බදු ගෙවමින් ඉස්සන් වගා පවත්වාගෙන ගිය බවද ඇමැතිවරයා කීය.
මෙම ප්‍රදේශය ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් එම කාලයේ දී ඉස්සන් වගාව සඳහා සමාගමකට ලබාදී තිබූ කොටසක් බව වාර්තා වේ.
දැන් ඇතිවී තිබෙන්නේ නීතිය සහ මනුස්සකම අතර ප්‍රශ්නයක් බවත් තමන්ට තෝරා ගන්න වෙන්නේ ජනතාවගේ පැත්ත යැයි ද ඇමතිවරයා පැවසීය.
ආනවිලුන්දාව වැනසූවේ දේශපාලක බලපුළුවන්කාරයෝ
ආනවිලුන්දාව රක්ෂිතය වනසා ඇත්තේ බලපුළුවන්කාර පිරිසක් බව ‘ලක් සොබා සංරක්ෂකයෝ’ සංවිධානයේ සභාපති සමන්ත ගුණසේකර මහතා පවසයි.
පසුගියදා පැමිණි බලපුළුවන්කාර කණ්ඩායමක් සංරක්ෂිත කලාපය තුළ ඉස්සන් වගා කිරීම සඳහා බිම් සකස් කළ බව ඒ් මහතා සඳහන් කරයි.
මෙය දේශපාලන හයියෙන් සිදුකරන ලද බලපුළුවන්කාර කමක් බවත් එවන් කටයුතු වහා නැවැත්වීමට කටයුතු කළ යුතු බවද වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම හේතුවෙන් කලබල වූ පිරිස්ද මෙයට සම්බන්ධ බව ඔහු කියා සිටියේය.
No comments:
Post a Comment