අධි බලැති විදුලි රැහන් සහිත කණු කිහිපයක් කඩා වැටිමෙන් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට විදුලි බලය ඇණ හිටි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 20, 2020

අධි බලැති විදුලි රැහන් සහිත කණු කිහිපයක් කඩා වැටිමෙන් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට විදුලි බලය ඇණ හිටි







නොටන්බ්‍රිජ් සිට ගිනිගත්හේන දක්වා ලංකා විදුලි බල මණ්ඩලය මගින් ඇද ඇති විදුලි රැහන් සහිත කණු කිහිපයක් කඩා වැටිම නිසා එක් නිවසකට අලාභ හානි සිදු වි නොටන්බ්‍රිජ් ටැප්ලෝ සහ ගිනිගත්හේන ප්‍රදේශයට විදුලි බලය ඇණ හිට ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග අධි බලැති විදුලි රැහනක් මතට ගසක් කඩා වැටිමෙන් විදුලි රැහන් සහිත කණු පහක් කැඩි බිම වැටි ඇති බවත් , ඉන් එක් කුළුණක් නෝටන්බ්‍රිජ් අප්කට් ප්‍රදේශයේ ප්‍රජා ශාලාව අසල නිවසක් මතට කඩා වැටි ඇති බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේ.


විදුලි කණුවක් නිවසක් මතට කඩා වැටිමෙන් එම නිවසේ වහලේ එක් කොටසකට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර , ඉන් නිවසේ පදිංචිකරුවන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති බවද පොලිසිය පැවසිය.


කඩා වැටි ඇති විදුලි කණු සහ විදුලි රැහන් අලුත්වැඩියා කිරිම් කටයුතු කඩිනමින් ආරම්භ කර විදුලි බලය යථා තත්ත්වයට පත් කිරිමට කටයුතු කරන බව විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසිය.


මේ අතර නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විලමසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවති.

No comments:

Post a Comment

Post Bottom Ad