මෛත‍්‍රී අමාරුවේ.. පාස්කු බෝම්බය චෝදනාවට කොටුවෙයි.. අත්අඩංගුවට ගන්නැයි දැඩි ඉල්ලීම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 20, 2020

මෛත‍්‍රී අමාරුවේ.. පාස්කු බෝම්බය චෝදනාවට කොටුවෙයි.. අත්අඩංගුවට ගන්නැයි දැඩි ඉල්ලීම්

පාස්කු දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන වගකිවයුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගත යුතු බව දේශපාලඥයන් ප‍්‍රසිද්ධියේ කියා සිටිති.

තම සමාජ ජාල ගිණුම්වල සටහන් තබමින් ඔවුහු මේ බව සදහන් කර ඇත.

කොළඹ පැවති මාධ්‍යහමුවකදී සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් එවකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කරන ලද්දේ ප්‍රහාරය පිළිබඳ වගකීම භාරගෙන පොලිස්පති ධුරයෙන් ඉවත් වන්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර ගෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවයි.

එසේ ඉල්ලා අස්වන්නේ නම් අදාළ කමිටු වාර්තාව වෙනස් කර විශ්‍රාම වැටුප් සහිතව විදේශ රටක තානාපති කමක් ලබාදෙන බවට හිටපු ජනාධිපතිවරයා දැනුම් දුන් බව පූජිත ජයසුන්දර මහතා තමාට පැවසූ බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ය.

කෙසේ නමුත් අදාල ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය විසින් ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කර ඇත. 

-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad