ලංකාවේ තෙල්-ගෑස් ගොඩගන්න සූදානම්.. මුල් පියවරට කැබිනට් අනුමැතිය ලැබේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 3, 2020

ලංකාවේ තෙල්-ගෑස් ගොඩගන්න සූදානම්.. මුල් පියවරට කැබිනට් අනුමැතිය ලැබේ !

ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව හා එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බව වසර 50කට ආසන්න කාලයක සිට රටේ කියවෙනවා. නමුත් ඒ සම්පත ගොඩගැනීමට මේ දක්වා අපට හැකියාව ලැබී නැහැ. ඒ සම්පත ගොඩ ගැනීමට තිබෙන බාධාවන් මොනවාද ? එක් පසකින් අපට ආයෝජකයන් සොයා ගත යුතුයි.

ලෝක සම්මතය එක්ක බලද්දි ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් පැවතීමේ සම්භාවිතාව සහ එය වාණිජ මට්ටමින් ඉටු කිරීමේ හැකියාව අතිශයින්ම ඉහළයි. සාමාන්‍යයෙන් ලෝක සම්මතය තමයි තෙල් ගවේෂණයේදී ළිං හතක් හැරුවොත් ඉන් එකක් තමයි සාර්ථක වෙන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ කණින ලද ළිං හතරෙන් දෙකකම ස්වභාවික වායුව ලැබී තියෙනවා. නමුත් ඉන් එහාට අපට ලෝකයේ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නොහැකිවී තියෙන්නෙ අපේ රටට ස්වාභාවික වායු පිළිබඳ ප්‍රතිපත්තියක් නැහැ. ඒකට අවශ්‍ය නීතිමය ආවරණය සකස් කර නැහැ.

ඒ නිසා එහි පළමුවන පියවර විදිහට ශ්‍රී ලංකාවේ ස්වභාවික වායුන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරලා එය මා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එම ප්‍රතිපත්තියට අනුමැතිය හිමි වුණා.

ඒ වගේම ශ්‍රී ලංකාවට එන තෙල් නැවක් දවස් කීපයක් පරක්කු වුණත් ශ්‍රී ලංකාවේ තෙල් හිඟයක් ඇතිවෙනවා. පසුගිය ආණ්ඩුව සමයේ අප එය දෙවරක් අත්වින්දා. එනිසා රුපියල් මිලියන 942 වියදමින් ඝනමීටර් 29 000 ක ධාරිතාවකින් යුත් තෙල් ගබඩා ටැංකි 3ක් කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ ඉදිකිරීමට ඊයේ දිනයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා. ඒ හරහා අපට බලශක්ති සුරක්ෂිතතාවය තවදුරටත් ඉහළ නංවමින් අඩු මිලට මිලදී ගෙන ගබඩා කිරීමේ හැකියාවද ලැබෙනවා. බලශක්ති සුරක්ෂිතතාවය සහ අඛන්ඩ සැපයුමත් මේ හරහා තහවුරු කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල 

No comments:

Post a Comment

Post Bottom Ad