එජාප නායකත්ව ලැයිස්තුවට අර්ජුනත් එක්වෙයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 6, 2020

එජාප නායකත්ව ලැයිස්තුවට අර්ජුනත් එක්වෙයි! (VIDEO)

තමන් එජාප නායකත්වය භාරගැනීම ප්‍රතික්ෂේප කර නොමැති නමුත් ඊට ප්‍රේතයෙක් නොවන අතර කිසිවිටෙක එය ඉල්ලීමට මැදිහත් නොවන නමුත් යම් කිසි අයුරකින් තමන් වෙත නායකත්වය පැවරෙන්නේ නම් ඉදිරි වසර පහක් යන විට වෙනසක් කළ හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවසුවේය.

රණතුංග මහතා මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ 74 වැනි සංවත්සර උත්සවයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නායකත්වය දැරීම සම්බන්ධයෙන් තමන්ට හොඳ පළපුරුද්දක් ඇති බවයි ඔහු කියා සිටියේ.

නමුත් තමන් දැනටත් විශ්වාස කරන්නේ කෙටි කාලයකට හෝ පක්ෂය කරු ජයසූරිය මහතා වෙත භාර දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ද අනුශාසකත්වයෙන් පක්ෂයෙන් ඉදිරියට ගෙන යාම බව ද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

දැනට සිටින නායකයන් හත් අට දෙනා වගකීම් බෙදා ගෙන ජනතාව අතරට ගොස් වැඩ ආරම්භ කළ යුතුව ඇති බවද රණතුංග මහතා මෙහිදී පෙන්වාදුන්නේය.

 

''රනිල් වික්‍රමසිංහ මහත්තයට කවුරු බැන්නත් අවුරුදු විසිගණනක් මොන දේ වුණත් සමහර කැපකිරීම් කරලා පක්ෂය ඉදිරියට ගෙනාවා. 2015 ආණ්ඩුවකුත් හැදුවා. දැන් තියෙන්නේ අපි පරාජය වුණා. එය මහජනතාවගේ ජන්ද බලය. අපි ඒ ගැන විරුද්ධ වෙන්න ඕනේ නැහැ. අපිට පෙන්නලා දුන්න මොකක්ද මෙතන තියන වැරැද්ද කියලා. අපි ඒවා හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. අනික කාලය දෙන්න ඕනේ ටිකක්. රාජපක්ෂ මහත්තයලට තුනෙන් දෙකක් දුන්නනම් මේ ආණ්ඩුව ගෙනියන්න ඔවුන්ට ඉඩ දෙන්න. මේ වෙලාවේ අපි විරුද්ධ වෙන්න හොඳ නැහැ. මිනිස්සුන්ට රිදෙන කොට මිනිස්සු තීරණය කරයි.''

දැනට ආණ්ඩුවට විරෝධයක් දැක්විය යුතු නැති ඉදිරි වසර දෙක තුනක් ගත වන විට ආණ්ඩුවේ ක්‍රියා කලාපය දැක ගත හැකි වනු බවත්  හොඳ දේට සහය දෙනවා සේම වැරදි දේට එරෙහිව කතා කරන බවත් රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

-lankanewsweb

No comments:

Post a Comment

Post Bottom Ad