කොළඹ ජාතික රෝහලේ දී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඔහු එම ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගොස් ඇති අතර පසුව කරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇති ඔහු කොරෝනා ආසාදිතයෙකු බවයි.
කොළඹ ප්‍රදේශයේ පදිංචි කරැවකු වන ඔහු වයස අවුරුදු 70ක පුද්ගලයෙකි.
රුධිරයට විෂබීජයක් ඇතුළු වීම නිසා ඇතිවූ සංකූලතාවයන් මත ඔහු ජාතික රෝහලට ඇතුළත් කරන ලද බවත් මියගොස් ඇත්තේ එම සංකූලතා හේතුවෙන් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙය මෙරටින් වාර්තාවන 16 වන කොරෝනා මරණය ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව 23, 24, 25 යන ගත වූ දින තුනේදීම කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වී ඇත.

No comments:
Post a Comment