බැසිල් මෙහෙයුම ක‍්‍රියාත්මකයි.. විපක්‍ෂ 05ක් 20ට පක්‍ෂ වී ආණ්ඩුවට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 2, 2020

බැසිල් මෙහෙයුම ක‍්‍රියාත්මකයි.. විපක්‍ෂ 05ක් 20ට පක්‍ෂ වී ආණ්ඩුවට !

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු හා ආණ්ඩුවට එක් වනු ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ඔවුන්ගේ සහාය ලබා ගැනීමේ මෙහෙයුම ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකරමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටමින් එම පුවත්පත වාර්තා කරයි.

මෙසේ එම සංශෝධනයට සහාය දෙන මන්ත්‍රීවරුන් අතර විපක්ෂයේ සුළු ජාතික පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සිටින බව වාර්තාවේ සඳහන්ය.

පසුගිය මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීධුර 145 ක් ලැබී ඇති අතර ඔවුන්ට සහාය දෙන පක්‍ෂවල මන්ත්‍රීවරුන්ද එකතු වූ විට ආණ්ඩුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 150කි.

නමුත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ඡන්දය අහිමි වීමත් සමඟ මන්ත්‍රීවරුන් ගණන 149ක් වෙයි.

ඒ අනුව මෙම සංශෝධනය සම්මත කර ගැනීමට තවත් එක් මන්ත්‍රීවරයෙකුගේ සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. 


No comments:

Post a Comment

Post Bottom Ad