එසේම මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලූම් කර්මාන්තශාලාවෙන් මුලින්ම හඳුනාගනු ලැබූ කොරෝනා ආසාදිත කාන්තාව එම කම්හලෙන් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් වෛරසයට ගොදුරු වූ පළමුවැන්නා දැයි යන්න පිළිබඳව තවමත් ස්ථීර වශයෙන් කිව නොහැකි බවත් ඊයේ (07දා ) කොළඹ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාවක් අමතමින් වෛද්‍ය සමරවීර මහතා පැවසීය.
කෙසේ වුවද ඉකුත් සැප්තැම්බර් 20 වැනිදා සිට අදාළ ඇඟලූම කම්හලේ සේවක සේවිකාවන් කිහිපදෙනකු ශ්වසන අපහසුතාවන්ගෙන්, උණ හා ක්ලාන්තය යන රෝග ලක්ෂණවලින් පෙළීී ඇති අතර ඔවුන් ප‍්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන නොතිබූ බව අනාවරණය වී ඇති බවද වෛද්‍යවරයා කීවේය. අදාළ කාන්තාව රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ ඉකුත් සැප්තැම්බර් 28 දා වන අතර ඇය ප‍්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත ගොස් ඇත්තේ ඉකුත් 30 වැනිදා නිසා වෛරසය අදාළ කම්හල තුළ එයටත් පෙර සිටම සංසරණය වන්නට ඇති බව ඔහු කීවේය. මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව කී වෛද්‍ය සමරවීර මහතා තවමත් කොරෝනා වෛරසය ඇඟලූම් කම්හලේ සේවක සේවිකාවන් අතර පැතිර යෑමට හේතු වූ මුලාශ‍්‍රය හඳුනාගෙන නොමැති බව අවධාරණය කළේය.
ඇඟලූම් කම්හලට පැමිණි ඉන්දීය ජාතිකයන් කිහිපදෙනෙකු හරහා වෛරසය කම්හලේ සේවකයන් අතර පැතිර ගිය බවට පවතින මතය සත්‍ය දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවද හෙතෙම පැවසීය .
මෙහිදී අදහස් දැක්වූ කොළඹ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා කියා සිටියේ කොරෝනා වෛරස් ආසාදනය වැලඳී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පෙරේදා (06 දා ) කොළඹ නගරයේ පුද්ගලයන් 232 දෙනෙකු පී. සී. ආර්. පරීක්ෂාවට ලක් කළ බවයි .
ඒමන්ති මාරඹේ.
උපුටාගැනිම - දිවයින.
No comments:
Post a Comment