පවුල් තුන්සිය ගණනක් පානීය ජලය පරිහරණය කරන ජලමූලාශ‍්‍රය වටේ තියෙන ගස්ටික කපාදමන නාගරික මන්ත‍්‍රීවරයා බෙල්ලෙන් අල්ලා එළියට ඇදල දාන්න කියලා පොලිසියට කියන්නැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා රත්නපුර ප‍්‍රාදේශීය ලේකම්වරියට පැවැසුවේය.
ඇමැතිවරයා එසේ පැවසුවේ ඉකුත් 4 වැනි දින රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු මංගල රැස්වීමට සහභාගිවී රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රගති සමාලෝචන සිදුකෙරෙන අයුරු රාජ්‍ය නිලධාරීන්ගෙන් විමසන අවස්ථාවේදීය.
රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල එල්ලාවල යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් සහ රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනි ලොකුපෝතාගම මහත්මියගේ කැඳවීමෙන් රැස්විණි.
අධ්‍යක්‍ෂ ක‍්‍රම සම්පාදන (දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය)
සපිරිගම ව්‍යාපෘතිය යටතේ ග‍්‍රාමීය වැඩසටහන් 3 ක් කි‍්‍රයාත්මක වුණා. ග‍්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඉන් ප‍්‍රධාන විය. දේශගුණික බලපෑම් අවම කරගෙන ප‍්‍රාදේශීය සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය හරහා ව්‍යාපෘති 2297 ක් කි‍්‍රයාත්මක කිරීමට තිබෙනවා. වටිනාකම මිලියන 1421 යි. ඉන් 915 ක් අවසන් කළා. මාර්ග සංවර්ධන වැඩසටහන කිලෝමීටර් 123 ක් මේ වසරේදී අවසන් කළ යුතුයි. කිලෝමීටර් 52 ක් සම්පූර්ණයෙන්ම අවසන්.
වාසුදේව නානායක්කාර මහතා : පසුගිය කාලයේ යෝජනා අක‍්‍රමවත්. මේ ව්‍යාපෘති ආරම්භ කරල නම් ආරම්භ නොකරපු ව්‍යාපෘති ගැන සැලකිය යුතුයි. දේශපාලන අධිකාරියට මතක් කළ යුතුයි.
දිස්ත‍්‍රික් ලේකම්: අපට මුදල් අමාත්‍යාංශයෙන් ලැබෙන උපදෙස් අනුවයි වැඩ කරන්නේ.
අකිල එල්ලාවල මහතා (සම සභාපති) : ආරම්භ කරල නැති යෝජනා කල් දමන්න.
ජානක වක්කුඹුර මහතා (රාජ්‍ය ඇමැති) : ඡුන්දය ඉවරවෙල මාසයක් ගිහින්. අවුරුද්දෙන් මාස 9 ක් ගිහින්. ඇස්තමේන්තුවත් ඉවර නැද්ද?
දිස්ත‍්‍රික් ලේකම් : අපට කාර්මික නිලධාරීන් නැහැ. ඉංජිනේරු අංශයෙන් අරගෙනයි වැඩ කරන්නෙ.
ප‍්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් : මේ වසරේ පළාත් සභාවට මුදල් කොමිසමෙන් ලැබුණු මුදල් අනුව අපි ප‍්‍රමුඛතාවයක් දුන්නේ අවිච්ෙඡ්ද වැඩ ඉටුකිරීමට. රත්නපුර දිස්ත‍්‍රික්කයේ රෝහල් සඳහා රෝහල් 22 කට මිලියන 625 ක් ලැබුණා.
අකිල එල්ලාවල මහතා : බළන්ගොඩ රෝහලට මුදල් නැහැ.
ලේකම් (ප‍්‍රධාන අමාත්‍යාංශය) : මිලියන 50 ක් ලබාදී තිබෙනවා. කල්තොට රෝහලට මිලියන 10 ක් තියෙනවා.
වාසුදේව නානායක්කාර මහතා (ජල සම්පාදන ඇමැති) : එක මන්ත‍්‍රීවරයෙක් ජල මූලාශ‍්‍රයක් වටේ තියෙන ගස්ටික විනාශ කරමින් ඉන්නවා. ප‍්‍රාදේශීය ලේකම් එය දන්නවා. ජල මූලාශ‍්‍රයක් විනාශ කිරීම ජාතික අපරාධයක්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment