තවත් ඇමතිලා 2ක්: කැබිනට් එකක් බස්නාහිරට: අනික විපක්ෂයට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

තවත් ඇමතිලා 2ක්: කැබිනට් එකක් බස්නාහිරට: අනික විපක්ෂයට !

දිරි සති කිහිපය තුළ නව කැබිනට් අමාත්‍යවරයකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු පත් කිරීම ගැන රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

රජයට කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනෙක් පත්කළ හැකි වුවත් දැනට පත්කර ඇත්තේ අමාත්‍යවරුන් 27 දෙනෙකි. 

පුරප්පාඩු තුනක් සඳහා තවත් තිදෙනකු පත්කළ හැකිය.

අප වෙත ලැබෙන තොරතුරු අනුව නව කැබිනට් අමාත්‍ය පදවිය හිමිවීමට ඉඩ ඇත්තේ දැනට රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරන බස්නාහිර පළාතේ දේශපාලනඥයකුටය. 

ඒ අතර නව රාජ්‍ය අමාත්‍ය පදවිය සඳහා සුදුස්සකු තෝරා ගැනීම දැනට සිදුකෙරෙමින් පවත්නා බවද සඳහන් වෙයි.

බොහෝදුරට විසිවැනි සංශෝධනයේදී විපක්ෂයේ සිට සහය ලබාදුන් ඩයනා ගමගේ මහත්මියට හිමිවනු ඇතැයි ද මේ අතර වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad