සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට කොලඹ ඉඩම් කොල්ලකැම් චෝදනා.. ජනපති, අගමැති, චමල්, නාමල් නම්ද ගාවයි.. වීඩියෝව සමාජ ජාලවල - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට කොලඹ ඉඩම් කොල්ලකැම් චෝදනා.. ජනපති, අගමැති, චමල්, නාමල් නම්ද ගාවයි.. වීඩියෝව සමාජ ජාලවල - (video)

සෙල්ලම් පිස්තෝල නගරාධිපති ලෙස ප‍්‍රකට නගරාධිපති සහ තවත් කිහිප දෙනෙකු ගේ ප්‍රධානත්වයෙන් මූලිකත්වයෙන් සිදු කෙරෙන බව පවසන මහා පරිමාණ ඉඩම් මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ ජාලා වෙත මුදාහැර තිබේ.

ජනාධිපති ගෝඨාභය, රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඇමැතිවරුන් වන චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ද නම්ද විකුණමින් මෙම ජාවාරම අදාළ පුද්ගලයන් විසින් සිදුකර ඇතැයි වීඩියෝවේ සඳහන් වේ.

නුගේගොඩ ප‍්‍රදේශයේ අන් සතු ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා ආකාරය ද එම වීඩියෝව සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් තබා ඇත.

ඔහු එමගින් සඳහන් කරන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් බලධාරීන් පරීක්ෂණ කරමින් සිටින බවත් මෙවන් සිදුවීමට තමන් හෝ තම පවුලේ කිසිදු සාමාජිකයෙක් සම්බන්ධ නැතැයි සහතික වන බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad