20 සංශෝධනය: ශ‍්‍රීලනිප කමිටුව ගත් තීන්දුව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 3, 2020

20 සංශෝධනය: ශ‍්‍රීලනිප කමිටුව ගත් තීන්දුව මෙන්න

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පූර්ණ සහය ලබාදීමට තීරණය කර තිබේ.

සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට එම පක්ෂය විසින් කමිටුවක් පත්කරනු ලැබීය.

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසා විටියේ කමිටුව නිර්දේශ අනුව 20 වන සංශෝධනයට පූර්ණ සහයෝගය ලබා දීමට තීරණය කර ඇති බවය‍.

අදාළ කමිටු වාර්තාව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඉන්පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා භාර දීමට සූදානමින් සිටී.

එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතායි. 


No comments:

Post a Comment

Post Bottom Ad