විජේදාස රාජපක්ෂ අන්තිම මොහොතේ 20 ට පක්ෂ වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 22, 2020

විජේදාස රාජපක්ෂ අන්තිම මොහොතේ 20 ට පක්ෂ වෙයි

සුගිය දිනවල 20 වන සංශෝධනයට තමා විරුද්ධ බවට ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ආන්දෝලනයක් ඇති කළ ඇමතිකම් නොලද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ 20 වන සංශෝධනය සම්බන්ධ ඡන්දය විමසන අවස්ථාවේ එයට පක්ෂව ඡන්දය ලබාදී තිබේ.

මුලදී ඔහු විරුද්ධවන බවට විශාල ප්‍රචාරයක් ලබාදී අවසානයේ ඔහු වෙනස්වීම විශේෂත්වයකි. 

මින් ඉහත විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවක් පවත්වා 20 වන සංශෝධනය දැඩිව විවේචනය කරන්නට කටයුතු කළ අතර වරෙක කියා තිබුනේ ජනපති ගෝඨාභයට බලයට එන්නට පාර කැපුවේ 19 බවත් තමන් පැමිණි මගට අකුල් හෙළා 20 වෙත යාම නොගැළපෙන ක්‍රියාවක් බවත්ය. 


No comments:

Post a Comment

Post Bottom Ad