ඊයේ වාර්ථා වූ කොරෝනා ආසාදිතයින් ගනණ 309ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 22, 2020

ඊයේ වාර්ථා වූ කොරෝනා ආසාදිතයින් ගනණ 309ක්



කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු ඊයේ (23) හඳුනා ගැනිණ.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කළේ, එම අසාදිතයින් අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසලේ 182 දෙනෙකු ද වන බවයි.


මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තාවූ සමස්ත ආසදිතයින් සංඛ්‍යාව 2817 කි.


ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6287 දක්වා ඉහළ ගියේ ය.


2712 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3561 කි.


මේ අතර මෙරට 14 වැනි කොරෝනා මරණය ඊයේ පස්වරුවේ වාර්තා විය.


සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි කාන්තාවක එලෙස මියගොස් ඇති බවයි.


ඇය, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.


එම කාන්තාව දියවැඩියාව වැනි වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළුණු තැනැත්තිවක බව ද, ඔහු සඳහන් කළේ ය.


මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයට, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 6 කට හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට ක්‍රියාත්මක වේ

No comments:

Post a Comment

Post Bottom Ad