ගම්පහ රෝගීන් 506ක් ආගිය අතක් නෑ ලු ! – කොරෝනා රෝගීන් හැංගුවොත් දේපලත් රාජසන්තකයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 7, 2020

ගම්පහ රෝගීන් 506ක් ආගිය අතක් නෑ ලු ! – කොරෝනා රෝගීන් හැංගුවොත් දේපලත් රාජසන්තකයි

කොවිඩ් රෝගී තත්ත්වය වසන් කරන පුද්ගලයන්ට හා රෝගී තැනැත්තන් සැඟවීමට ආධාර අනුබල දෙන පුද්ගලයන්ට දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

කොවිඩ් රෝගී ත්ත්ත්වයන් පිළිබඳ සොයා බැලීමේදී සහ විමර්ශනයේදී ඇතැම් පුද්ගලයන් තම රෝගී තත්ත්වයන් හෝ තමා ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සැඟවීමට උත්සාහ දරන අවස්ථා කිහිපයක් පිළිබඳ වාර්තා වී ඇති හෙයින් මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළා.

එසේම එම රෝගී තැනැත්තන් සඟවා තැබීමට යොදාගත් නිශ්චල හෝ චංචල දේපොළ ද නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත ප්‍රකාරව තහනමට ලක් කරන බවද අවධාරණය කරනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1034ක් සොයාගෙන ඇතත් ඊයේ (07 වැනිදා) පස්වරු වන විට රෝහල් ගත කර ඇත්තේ 528ක් පමණක් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ බව ප්‍රධාන පුවත්පතක් ද අද වාර්තා කර තිබුණා. 


No comments:

Post a Comment

Post Bottom Ad