රාජපක්ෂලාට එරෙහි වෙලා ‍බේරුනේ මංගල විතරයි, විමල්ටත් ජීවිත ආරක්ෂාව ගැන හිතන්න වෙයි - හිරුණිකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 7, 2020

රාජපක්ෂලාට එරෙහි වෙලා ‍බේරුනේ මංගල විතරයි, විමල්ටත් ජීවිත ආරක්ෂාව ගැන හිතන්න වෙයි - හිරුණිකා

න්න රටක් ඕනෑ කියා වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබාදුන් ජනතාවට ඉන්න රටක් තබා හුස්ම ගැනීමේ අයිතියත් අහිම වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා රාජපක්ෂ මහත්මිය පවසනවා. 20 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව හුස්ම ගැනීමටත් රාජපක්ෂලාගෙන් අවසර ගැනීමට සිදුවන බවයි හිටපු මන්ත්‍රීවරිය, සමගි වනිතා බලවේගය ඊයේ  (07) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ.

රටේ බොහෝ දෙනාට 19 වැනි සංශෝධනය හෝ 20 වැනි සංශෝධනය හෝ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බවත්, අවාසනාවන්තම කරුණ වී ඇත්තේ රටේ බුද්ධිමත් තරුණ පරපුර පවා ඒ පිළිබඳව අනවබෝධයෙන් මෙන් කටයුතු කිරීම බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෙන්වා දෙනවා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ මහතා, විජේදාස රාජපක්ෂ මහතා වැනි පුද්ගලයන් 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විරෝධය පළකිරීම පිළිබඳව සතුටු වන බව ඇය පෙන්වා දෙනවා. 

කෙසේ වෙතත් රාජපක්ෂලාට එරෙහි වීමට පෙර විමල් වීරවංශ මහතාට ඔහුගේ ජීවිත ආරක්ෂාව සලසා ගන්නා ලෙස සිහිපත් කරන බවත්, රාජපක්ෂලාට විරුද්ධ වී සිය ජීවිතය බේරා ගැනීමට සමත් වී ඇත්තේ මංගල සමරවීර මහතා බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. 


No comments:

Post a Comment

Post Bottom Ad