දිවුලපිටියේ ඇගළුම් සේවිකාවකට කොරෝනා.. හැදුනේ කෙසේදැයි නොදනී.. 55ක් නිරෝධායනයට.. රජයෙන් ජනතාවට නිවේදනයක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 3, 2020

දිවුලපිටියේ ඇගළුම් සේවිකාවකට කොරෝනා.. හැදුනේ කෙසේදැයි නොදනී.. 55ක් නිරෝධායනයට.. රජයෙන් ජනතාවට නිවේදනයක්..

ගම්පහ රෝහලට ඇතුළත් කළ ප්‍රතිකාර ලැබූ දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදන තිබේ. වයස අවුරුදු 39 ක් වන මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර කිරීමෙන් පසු රෝගියා සුව වී නිවසට අවස්ථාවේ සිදු කළ පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත වී ඇතැයි තහවුරු වී තිබේ.

ඇය මේ වන විට කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම කාන්තාවට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් ඇත.

එමෙන්ම ඇයගේ ආශ්‍රිත යන්ටද පරීක්ෂණ සිදුකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇය ප්‍රතිකාර ලැබූ ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලය පහළොස් දෙනෙකු නිරෝධායට ලක් කර ඇත.

ඇගළුම් සේවිකාවක් වන එම කාන්තාව සේවය කරන ලද ආයතනයේ 40 ක්ද ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

මේ හේතුවෙන් රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වඩාත් සැලකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන ලෙසයි. 





No comments:

Post a Comment

Post Bottom Ad