දිවුලපිටියේ පුද්ගලික ආයතනයක සේවිකාවකට කොරෝනා - වෛරසය ආසාදනය වූ ආකාරය ගැටලුවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 3, 2020

දිවුලපිටියේ පුද්ගලික ආයතනයක සේවිකාවකට කොරෝනා - වෛරසය ආසාදනය වූ ආකාරය ගැටලුවක්


දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොරෝනා වෛරස් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

ඇය මේවන විට අයි.ඩී.එච් රෝහලට ඇතුලත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම කාන්තාව උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යන අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයකිනුයි කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු පමණ සහ එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 40 දෙනෙකු පමණ ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.

තවදුරටත් ආශ්‍රිතයන් හඳුනාගනිමින් සිටින අතර එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් පවතින අතර එම ආශ්‍රිතයින් සම්බන්ධයෙන් ලැබෙන පරීක්ෂණ ප්‍රතිඵල මත තවදුරටත් අවශ්‍ය පියවර ගනු ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මෙම අවස්ථාවේදී ජනතාව වඩාත් සැලකිළිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad