සජිත් කොරෝනා ආශ‍්‍රිතයෙක් වෙයි.. සෞඛ්‍ය අංශ ඒ බව ඔහුට දැනුම් දෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 21, 2020

සජිත් කොරෝනා ආශ‍්‍රිතයෙක් වෙයි.. සෞඛ්‍ය අංශ ඒ බව ඔහුට දැනුම් දෙයි !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා ආසාදිතයෙකුගේ දෙවැනි පෙල ආශ‍්‍රිතයෙක් ලෙස හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

එසේ හඳුනාගත් වහාම සෞඛ්‍ය අංශ විසින් ඔහුට එ් බව දැනුවත් කර ඇතැයිද ඇමතිවරයා පැවසීය.

යාල වනෝද්‍යානය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ආශ්‍රිත වී ඇතැයි ඇය සඳහන් කළාය.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් සෞඛ්‍ය ඇමැතිවරිය මේ බව කියා සිටියාය.

මීට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමාට සෞඛ්‍ය අවශ්‍ය විසින් ලබාදුන් උපදෙස් එලෙසින්ම ක්‍රියාත්මක කළ බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad