නාකොටික් රංගජීවගේ සටහන FB පිටුව පිටින්ම ඉවත් කරලා ! - (Update) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 21, 2020

නාකොටික් රංගජීවගේ සටහන FB පිටුව පිටින්ම ඉවත් කරලා ! - (Update)

පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා වෙඩි හුවමාරුවකින් මියගිය පසුව සිය ෆේස්බුක් පිටුවේ ආන්දෝලනාත්මක සටහනක් තබා තිබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සිය ෆේස්බුක් පිටුව ෆේස්බුක් අඩවියෙන් ඉවත්කර තිබේ.

රංගජීවගේ ෆේස්බුක් පිටුව...



ඔහු බලාපොරොත්තු නොවූ ආකාරයට අදාළ සටහනට සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රචාරයක් ලැබී තිබුණු අතර විශේෂයෙන් ප්‍රවීන මාධ්‍යවේදීන් පවා අදාළ සටහන සිය ෆේස්බුක් පිටු හරහා ශෙයාකර තිබිණි.

එසේ පලවූ සටහනක්.


පම්පෝරි ගැහුවොත් ඇප කෑන්සල්

මේවන විට ඇප මත සිටින වැලිකඩ බන්ධනාගාර නඩුවේ පළමු විත්තිකාරයා වන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට අදාළ නඩුව පසුගිය ජුනි 26 වැනිදා කැඳවූ අවස්ථාවේදී කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය දන්වා සිටියේ පැමිණිල්ලට අහිතකර ප්‍රකාශ මාධ්‍යට නිකුත් කළහොත් ඔහුගේ ඇප අවලංගු කරන බවයි.

ඒ, මෙම විත්තිකරුවා දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණිමෙන් අනතුරුව විනිසුරුවරයාට හා පැමිණිල්ලට අහිතකර අන්දමින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කරන බවට නීතිපතිවරයා කළ දැනුම් දීමක් සළකා බලමිනි.

අධිකරණය හමුවේ නඩුකරයක් පවතින විටදී විත්තියට කටයුතු කළ හැකි නීතිමය සීමාවක් පවතින බවත් විත්තිකරුවන් නීතියේ සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් තම අධිකරණයට ඒ සම්බන්ධයනේ සුදුසු පියවරක් ගැනීමට සිදුවන බවත්, විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට එහිදී පෙන්වාදී තිබිණි.

ගිහාන් කුළතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවා තිබිණි.

නියෝමාල් රංගජීව මහතා සිය ෆේස්බුක් පිටුවේ දැමූ ආන්දෝලනාත්මක සටහන.







No comments:

Post a Comment

Post Bottom Ad