ණය ගෙවන්න තවත් ලොකු ණයක් ගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 31, 2020

ණය ගෙවන්න තවත් ලොකු ණයක් ගනී !

 
ය සහ පොලිය ගෙවීම, අත්‍යයවශ්‍ය වියදම් පියවීම සඳහා මේ වසරේ ඉතිරි කාලසීමාව සදහා රුපියල් කෝටි 71,700 ක ණයක් ලබාගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි. මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඉන් රුපියල් කෝටි 30,000 ක පමණ මුදලක් විදේශීය මුදල් ණය වශයෙන් ද ඉතිරි මුදල දේශීය වහයෙන්ද මුදල ලබා ගැනීමට යෝජනා වී ඇති බවයි.

විදේශීය ණය ගැනීම් යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා වන ණය වශයෙන් ලබාගැනීමටත් දේශීය ණය ගැනීම් යටතේ භාණ්ඩාගාර බිල්පත් සහ අනෙකුත් ණය ගැනීම් යටතේ මුදල් සපයා ගැනීමටත් නියමිතය.

මෙම ණය මුදල් ලබා ගැනීම් ලබන්නේ ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය වෙනුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad