දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි - නිර්මාල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 5, 2020

දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි - නිර්මාල්

වතින දේශපාලන තත්වය තුළ ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීම බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

තමන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නේ බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීම වෙනුවෙන් යයි ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

ඔහු තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

“අපි කැමති දේවල් අපි කැමති ආකාරයට සිදු නොවේ. දේශපාලනය යනු රැල්ලට එරෙහිව පිහිනීම නොව රැල්ල සමඟ පිහිනා පරිස්සමින් ගඟෙන් එගොඩ වීමකි. දැන් තියෙන දේශපාලන තත්වය තුළ මට මම නම් පෙනී සිටින්නේ ආණ්ඩුවේ බැසිල් පාර්ශවය කොන්දේසි විරහිතව ශක්තිමත් කිරීම වෙනුවෙනි. සිංහල-බෞද්ධ නොවන ජනකොටස් සම්බන්ධව සහනශීලී ප්‍රවේශයක් අවශ්‍ය නම් ප්‍රායෝගික වශයෙන් එය කළ හැක්කේ බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමෙනි. එසේම දහතුන්වන සංශෝධනය තබා ගත යුතුයැයි සිතන අය සිටී නම් ඒ අයට ද ඇති හොඳම විකල්පය බැසිල් ශක්තිමත් කිරීමයි”
– nirmal dewasiri FB 


No comments:

Post a Comment

Post Bottom Ad