හිමිනමක් විග්නේෂ්වරන්ට එරෙහිව පොලිසි යයි : පොලිසිය විග්නේෂ්වරන්ගේ ගෙදරට යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 12, 2020

හිමිනමක් විග්නේෂ්වරන්ට එරෙහිව පොලිසි යයි : පොලිසිය විග්නේෂ්වරන්ගේ ගෙදරට යයි

හිමිනමක් විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතාගෙන් ප්‍රකාශයක් ගෙන ඇත.

ඊයේ (10) පස්වරුවේ විග්න‌ේෂ්වරන් මහතාගේ නිවසට පැමිණ ඇති මෙම පොලිස් නිලධාරීන් තිදෙනා පැයක පමණ කාලයක් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව දැනගන්නට ඇත.

දෙමළ ජනතාවගේ ඉතිහාසයේ සහ මහාවංශය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් තුළින් ජාතිවාදය ඇවිස්සෙන බවට පසුගිය දෙසැම්බර් මස 14 වන දින ඒ මහතා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය සටහන් කරගෙන ඇත. 


No comments:

Post a Comment

Post Bottom Ad