ජෝන්ට දැන් වයසයි – රනිල්, එජාප මන්ත්‍රී ධුරය අකිලට දෙන්න සුදානම් වෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 17, 2020

ජෝන්ට දැන් වයසයි – රනිල්, එජාප මන්ත්‍රී ධුරය අකිලට දෙන්න සුදානම් වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී තිබෙනවා.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජෝන් අමරතුංග ඇතුළු නම් කිහිපයක් ලැබී ඇත අතර තරුණ නායකයෙක් ඒ සඳහා පත් කිරීම සුදුසු බව පක්ෂ නායකත්වයේ අදහසයි.

මන්ත්‍රී ධුරය ලබා ගැනීමට තමන් සූදානම් නොමැති බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් හෙට (19 ) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිතයි.

පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සකස් කරන ලෙසද පක්ෂ නායකත්වය වගකීම් පවරා ඇත්තේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට වීමද විශේෂත්වයකි. 

-colomboxnews


No comments:

Post a Comment

Post Bottom Ad