අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ වනවිට පැවැත්වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම සාකච්ඡා පැවැත්වේ.
ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වීමට නියමිතය.
මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හමුව පිළිබඳව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
No comments:
Post a Comment