කොවිඩ් රෝගී කත පන්සලේ පිංකම්වලට සහ පොලට ගිහින්,ස්වාමි පුරුෂයා ත්‍රී රෝද රථ රියදුරෙක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 4, 2020

කොවිඩ් රෝගී කත පන්සලේ පිංකම්වලට සහ පොලට ගිහින්,ස්වාමි පුරුෂයා ත්‍රී රෝද රථ රියදුරෙක්.

 

දිවුලපිටියෙන් අද උදෑසන හමු වූ කොවිඩ් රෝගී කාන්තාවගේ ස්වාමි පුරුෂයා ත්‍රී රෝද රථ රියදුරෙකු බවත්,පසුගිය දින කිහිපයෙදීම ඔහු කුලී රථ සේවා සපයා ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම ප්‍රදේශයේ විහාරස්ථානයේ කඨින පිංකම් මාලාව සඳහාද ඇය සහභාගී වී ඇති අතර ඇය පොලටද ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

කෙසේ වෙතත් මේ වන විට ආරක්ෂ අංශ සහ සෞඛ්‍ය අංශ මැදිහත් වී කඩ සාප්පු වසා දමා තිබෙනවා.එමෙන්ම ශබ්ද විකාශන යන්ත්‍ර මඟින්ද ජනතාව දැනුවත් කරන අතර යළි දැනුම් දෙන තුරුම පොලිස් ඇඳිරි නීතිය එම ප්‍රදේශවලට ක්‍රියාත්මකයි.

මුලාශ්‍රය - mawurata.lk

No comments:

Post a Comment

Post Bottom Ad