බ‍්‍රැන්ඩික්ස් කොරෝනාවන්ගෙන් රටම අමාරුවේ,ආශ‍්‍රිතයන්ගේ තොරතුරු සගවති. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 6, 2020

බ‍්‍රැන්ඩික්ස් කොරෝනාවන්ගෙන් රටම අමාරුවේ,ආශ‍්‍රිතයන්ගේ තොරතුරු සගවති.

 

දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුර හේතුවෙන් සමාජය බරපතළ අවදානමකට වැටීමට ඉතා ඉහල ඉඩක් ඇති බව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ පෙන්වා දෙයි.

ඊට හේතුව වී ඇත්තේ එම ඇගළුම් කම්හලේ ආසාදිත සේවක සේවිකාවන් තමන්ගේ ආශ්‍රිතයන් හෙළි කිරීමට දක්වන අධිකම අධික මැලිකමයි.

ඔවුන්ගේ ආශ්‍රිතයන් තාක්ෂණය ඔස්සේ සොයා ගැනීම ද අපහසු වී ඇත.

මේ ආකාරයේ තොරතුරු හෙලි නොකරන කොරෝනා පොකුරක් හමුවූයේ පලමු වතාවට බවද සෞඛ්‍ය බලදාරීන්ගේ අදහසයි.

මේ හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රසිද්ධියේ එම ආසාදිතයන් ගෙන් ආයාචනා කර සිටියේ තමන් පසුගිය දිනවල ආගිය තැන් සියල්ල කිසිවක් නොවලහා ප්‍රකාශ කරන ලෙසයි.

නීති විරෝධී ස්ථානයන්ට හෝ රහසිගත ඇසුර වලට යොමු වුවද ඒ සියල්ල වහා හෙළි කරන ලෙසත් ඒ සියල්ලේ රහස්‍යභාවය රකින බවත් ඔහු සඳහන් කළේය.

නීතිවිරෝධී ස්ථානයට ගිය බවක් පැවසුවේ යයි ඒ කිසිවකු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් නොකරන බව ද පොලිස්පතිවරයා කියා සිටියේය.

මේ වන විට බ‍්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිත ප‍්‍රමාණය 700 ඉක්වමා ගොස් ඇත.

-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad