ඉන්දීය ධීවර බෝට්ටුවල සිට කෑම ගත් මන්නාරමේ ධීවරයින් 9 කට කොරෝනා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 6, 2020

ඉන්දීය ධීවර බෝට්ටුවල සිට කෑම ගත් මන්නාරමේ ධීවරයින් 9 කට කොරෝනා.

 

මන්නාරම ප‍්‍රදේශයේ ධීවරයන් නව දෙනකුට කොවිඞ් 19 රෝගය ආසාදනය වී ඇති බවත් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් පේදුරුතුඩුව ආරක්‍ෂක අංශ සඳහන් කරයි.

 මොවුන් ඉන්දීය ධීවර බෝට්ටුවලට ගොස් ආහාර ගැනීම නිසා මෙලෙස රෝගය ආසාදනය වී ඇති බව සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණයවූ බවද ආරක්‍ෂක අංශ පවසයි.

 උතුරේ තවත් ධීවරයින් 70 ක් සිය නිවාසවල නිරෝධායනයට ලක්කර ඇතැයි ද උතුරේ ආරක්‍ෂක අංශ පවසයි.

 රජයේ සෞඛ්‍ය උපදෙස් නොතකා උතුරේ ධීවරයින් තමිල්නාඩුවේ සිට ශ‍්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙන ධීවරයින් සමග සම්බන්ධතා පැවැත්වීම මෙම තත්ත්වයට හේතුව බවද උතුරේ ආරක්‍ෂක අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

-Divaina


No comments:

Post a Comment

Post Bottom Ad