මෙම සිද්ධියට අදාළ ව්‍යාපාරිකයා කටාන කිඹුලාපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පසුගියදා දිවුලපිටියේ පැවැති විවාහ මංගලෝත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව ඔහුගේ
බිරිඳ කොවිඞ් ආසාදිතයෙක් බවට පත්විය. මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ මැදිහත්වීම මත සුපිරි වෙළෙඳ සංකීර්ණය ඊයේ (18 ද) උදේ වසා දමන ලදී. මෙහිදී මීගමුව මහනගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වසන්ත සෝලාංගආරච්චි මහතා පැවසුවේ. එම වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් සහ සේවකයන් පී. සී. ආර්. පරීක්‍ෂණයට අද (19 දා) ලක්කරන බවත්, ඉන් අනතුරුව සුපිරි වෙළෙඳ සංකීර්ණය විවෘත කරනවාද? නැද්ද පිළිබඳ තීරණය කරන බවත් ය. වෙළෙඳ සංකීර්ණයේ විෂබීජහරණයට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් යුහුසුළු වී ඇත.
මීගමුව අධිකරණ - ඩබ්ලිව්. විමල් කීර්ති
-Divaina.

No comments:
Post a Comment