'අඩුපාඩු හදා නොගත්තොත් මේ ආණ්ඩුව පන්නා දමනවා.'- මුරුත්තෙට්ටුවේ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 9, 2020

'අඩුපාඩු හදා නොගත්තොත් මේ ආණ්ඩුව පන්නා දමනවා.'- මුරුත්තෙට්ටුවේ හිමි


අඩුපාඩු හදාගෙන ඉදිරියට යාමට කටයුතු නොකළහොත් මේ ආණ්ඩුව පලවා හැරීමට කටයුතු කරන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

මේ ආන්ඩුව බලයට ගෙන ඒමට පැවිදි හඩ සංවිධානය කටයුතු කළේ කිසිදු වරදානයක් හෝ තනතුරක් බලාපොරොත්තුවෙන් නොවන බව ද එකම බලාපොරොත්තුව වූයේ රට ජාතියට හිතකර ආණ්ඩුවක් පත් කර ගැනීම බවද උන්වහන්සේ පැවසූහ.

ආණ්ඩුව බිහි කිරීමට මුල් වූ අය වෙනුවට වෙනත් අයගේ උපදෙස් අනුව අද ආණ්ඩුව කටයුතු කරන බව පෙනෙන්නට ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

උපුටාගැනිම - Lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad