ජනපති අණට වාසුදේව අවනත නෑ – ෆේස්බුක් සටහනක් තබමින්ම ජනපති අණ කඩ කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 3, 2020

ජනපති අණට වාසුදේව අවනත නෑ – ෆේස්බුක් සටහනක් තබමින්ම ජනපති අණ කඩ කරයි

මන් මහජන දිනය පවත්වන්නෙ සතියේ සෑම බදාදා දිනකම බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරනවා.

පාර්ලිමේන්තු දිනයන් නොවන සෑම බදාදාවකම මෙය ක්‍රියාත්මක වන බවද ඔහු පවසනවා.

ඒ අනුව සදුදා දිනයේ මහජන දිනය පැවැත්වෙන්නේ නැතැයිද ඒ මහතා තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දැනුම් දී තිබෙනවා.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී තිබුණේ සියලුම ඇමතිවරුන් සදුදා දිනයේ මහජන දිනය පවත්වන ලෙසයි. 


No comments:

Post a Comment

Post Bottom Ad