රට ලොක්ඩවුන් කරනවාද ? නැද්ද? යුධ හමුදාපති පිළිතුරැ දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 5, 2020

රට ලොක්ඩවුන් කරනවාද ? නැද්ද? යුධ හමුදාපති පිළිතුරැ දෙයි





මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය තුල ඇතිවු නව කොවිඩ් 19 පොකුරත් සමග රටපුරා සංචරණ සීමාවන් නොපමවනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදී ඇතිවූ සංචරණ සීමාවන් හේතුවෙන් මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා හේතුවෙන් බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි සහ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.


යුධ හමුදාපතිවරයා සඳහන් කළේ මෙම කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොරෝනා පොකුරට සම්බන්ධ රෝගීන් බහුතරයක් දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ ප්‍රදේශවල විසිරි සිටීම නිසා එම ප්‍රදේශ වලට පමණක් වහාම ඇඳිරි නීතිය පැනවූ බව යුධ හමුදාපතිවරයා කියා සිටියේ.


මෙහිදී අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයා,


” මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක පිරිස 1400ක්. ඊට අමතරව තවත් සේවකයින් 400 කට ආසන්න පිරිසක් එම ආයතනයේ නඩත්තු සේවකයින් ලෙස කටයුතු කරනවා.


මේ සමස්ත පිරිසෙන් සේවකයින් 495 දෙනෙක් රටේ විවිධ ප්‍රදේශවල පිහිටි තමන්ගේ නිවෙස් වලට ගොස් තිබෙනවා. ඒ අයගෙන් 125 දෙනෙක් අද වන විට යුධ හමුදාව විසින් ඔවුන්ගේ නිවෙස් වලට ගොස් නිරෝධායන මධ්‍යස්ථාන වලට රැගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.


මේ ඇගළුම් කර්මාන්ත ශාලාව ඔවුන්ගේ සේවකයින් නිරෝධායනය කිරිමට හෝටලයක් වෙන් කර ලබාදී තිබෙනවා.


විවිධ පුද්ගලයින් කියනවා රට ලොක් ඩවුන් කරන්න ඕන කියලා. නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු කොවිඩ් නිවාරණ සම්බන්ධයෙන් පසුගිය මාර්තු 11 වෙනිදා සිට කටයුතු කළ ජනාධිපති කොවිඩ් නිවාරණ කමිටුවේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කළා.


පසුගිය මාර්තු මාසයේදී රටපුරා ලොක් ඩවුන් කිරිම නිසා රටේ බොහෝ ජනතාව ගැටළු සහගත තත්ත්වයට පත්වුණා. ඒ හේතුවෙන් රට ඉදිරියට රැගෙන යන ගමන් මේ ඇතිවී තිබෙන කොවිඩ් පොකුර මර්ධනය කිරිමට අවශ්‍ය සියලු පියවර ගන්නවා” යැයි යුධ හමුදාපතිවරයා කියා සිටියා

No comments:

Post a Comment

Post Bottom Ad