කොරෝනා ආසාදිත කාන්තාවගේ ‘ස්වාමි පුරුෂයා’ ත්‍රී රෝද රථ රියදුරෙක් – රෝගී කාන්තාව සමග සිටි සේවිකාවන් බියෙන් සැඟවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 4, 2020

කොරෝනා ආසාදිත කාන්තාවගේ ‘ස්වාමි පුරුෂයා’ ත්‍රී රෝද රථ රියදුරෙක් – රෝගී කාන්තාව සමග සිටි සේවිකාවන් බියෙන් සැඟවේ !

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ ස්වාමි පුරුෂයා ත්‍රී රෝද රථ රියදුරෙකු බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂ එස්.යූ.ටී. කුලතිලක මහතා පවසනවා.

“ආයතනය විසින් ලබාදෙන ප්‍රවාහන සේවා බස් රථයකින් ඇය වැඩට යන්නේ. ඒ බස් රථයේ 40ක් ඉන්නවා. මේ වන විට ඒ සියලු දෙනා නිරෝධායනය කරලා තියෙනවා.

ඇයගේ සැමියා ත්‍රිරෝද රථයෙන් කුලී සේවා සපයලා තියෙනවා. ඒ නිසත් අවදානමක් තියෙනවා.”

කෙසේ නමුත් අදාළ කොවිඩ් ආසාදිත කාන්තාව විසින් කරනු ලබන ප්‍රකාශවල පරස්පරතා පවතින බව මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළා.

ඇය රෝගියකු බව හඳුනාගත් අවස්ථාවේ දී කිසිවකු නිවසට පැමිණ නැති බව කීවද ඊයේ (04 වැනිදා) ආරක්ෂක අංශ ප්‍රශ්න කිරීමේ දී පැමිණි පුද්ගලයන්ගේ ලැයිස්තුවක් සඳහන් කර ඇති බව සඳහන් කර ඇති අතර ඇය සේවය කළ ආයතනයේ අදාළ සේවකයන්ගේ දත්ත සටහන් නිවැරදිව තබා නොගැනීම හේතුවෙන් සේවකයන් සොයා ගැනීම විශාල ගැටලුවක්ව ඇති බවද මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දුන්නා.

“ගොඩක් ළමයි බෝඩින් කාමරවල ඉන්නේ. ඒ අයට යන එන තැන් නැති වෙයි කියලා ඉදිරිපත් වෙන්නේ නෑ. නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යයි කියලත් ඒ අය බයවෙලා. මේ පිරිස නිවැරදිව හඳුනා නොගෙන අපිට දෙවැනි පෙළ ආශ්‍රිතයන් හඳුනාගන්න අමාරුයි. කොහොම නමුත් මේ වන විට අදාළ මෙහෙයුම් සිද්ධවෙනවා සහ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා.” 


No comments:

Post a Comment

Post Bottom Ad