"හංගන්න දෙයක් නැහැ... මගේ බිරිඳට කොරෝනා ආසාදනය වුණේ කර්මාන්ත ශාලාවෙන්මයි'' - ආසාදිත කාන්තාවගේ සැමියා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 5, 2020

"හංගන්න දෙයක් නැහැ... මගේ බිරිඳට කොරෝනා ආසාදනය වුණේ කර්මාන්ත ශාලාවෙන්මයි'' - ආසාදිත කාන්තාවගේ සැමියා කියයි

ම්පහ -දිවුලපිටිය -බෝමුගම්මන ප්‍රදේශයේ 39 හැවිරිදි ඇඟලු‍ම් කර්මාන්ත ශාලා සේවිකාවට කොවිඩ් 19 ආසාදිත බවට පසුගිය දා හඳුනා ගැනුණා. මේ වන විට ඇගේ 16 හැවිරිදි දියණියටත් කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, සැමියා සහ ඉතිරි දරුවන් තුන් දෙනා ගාල්ල - හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

නිරෝධායනයට ලක්වෙමින් සිටින අදාළ කාන්තාවගේ සැමියා හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් සඳහන් කළේ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ අදාළ ඇඟලුම් කර්මාන්තශාලාව තුළින් බවයි.

තම බිරිඳට වෛරසය ආසාදනය වීම පිළිබඳව සැඟවීමට කිසිවක් නොමැති බව ද ඔහු අදහස් දක්වමින් කියා සිටියා.

කෙසේ වෙතත්, තවමත් දිවුලපිටියේ ඇඟළුම් සේවිකාවට කොවිඩ්19 ආසාදනය වූ මුලාශ්‍රය මෙතෙක් නිශ්චිතව හඳුනාගැනීමට හැකිව නැහැ.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පලකළා.

මේ අතර, කොරෝනා ආසාදිත ඇඟලුම් කර්මාන්තශාලා සේවිකාවගේ දෙවන පෙළ ආශ්‍රිතයන් සොයා අද සිට විශේෂ පරීක්ෂාවන් ආරම්භ කෙරෙනවා. 


No comments:

Post a Comment

Post Bottom Ad