නිවැරදි තොරතුරු දැන සිටියේ නම් මට පාස්කු ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබුනා - හිටපු ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 5, 2020

නිවැරදි තොරතුරු දැන සිටියේ නම් මට පාස්කු ප්‍රහාරය වලක්වා ගත හැකිව තිබුනා - හිටපු ජනපති

2019 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසම ඉදිරියේ ඊයේ සාක්ෂි දුන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ තමාට ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු ප්‍රහාර මාලාව සිද්ධ වුනු දිනය දක්වාම නොළැබුණු බවත් යම් විදියකින් එම තොරතුරු තමා වෙත ලැබුණේ නම් ප්‍රහාරය වලක්වා ගැනීමේ හැකියාව තිබූ බවත්ය.

එහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ඕනෑවටත් වඩා තමා දැනුවත් කිරීමට අවස්ථාව තිබූ බවත් යම් විදියකින් ඔවුන් එසේ තමා දැනුවත් කිරීමට කටයුතු කළේ නම් ශ්‍රී ලංකා භූමිය තුළ මෙවැනි ප්‍රහාරයක් සිදුවීම වලක්වා ලීමට ඕනෑ තරම් අවස්ථාව තමාට තිබූ බවත් කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේය. 


No comments:

Post a Comment

Post Bottom Ad