පාර්ලිමේන්තුව වසා දමයි.. මුළුතැන්ගෙයක් ලොක්ඩවුන් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 25, 2020

පාර්ලිමේන්තුව වසා දමයි.. මුළුතැන්ගෙයක් ලොක්ඩවුන් !

පාර්ලිමේන්තුව අද සහ හෙට දෙදින වසා තැබීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ එම පරිශ්‍රය පූර්ණ වශයෙන් විසබීජහරණය ට ලක් කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

පාර්ලිමේන්තුවේ කටයුතු කරන සියලුම සේවක සේවිකාවන්ට මෙම දෙදින තුළ රාජකාරියට වාර්තා නොකරන ලෙස දැනුම් දී ඇති අතර නැවතත් අනිද්දා දිනයේ සිට රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂක භටයන් රැඳී සිටින කඳවුරේ මුළුතැන්ගෙයි සේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇති නිසා එම කඳවුරේ හුදෙකලා කර ඇතැයිද වේත‍්‍රධාරියා සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා ද යොදවා ඇත.

පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි මීට පෙර වාර්තා විය.


No comments:

Post a Comment

Post Bottom Ad