පලමු වතාවට රජයක් විසින් ඉදිකරනු ලබන පොදු බහු මහල් වාහන අංගනයක් කොටුව දුම්රිය පොල යාබදව ඉදිකිරීමට මුල් ගල් තබයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 5, 2020

පලමු වතාවට රජයක් විසින් ඉදිකරනු ලබන පොදු බහු මහල් වාහන අංගනයක් කොටුව දුම්රිය පොල යාබදව ඉදිකිරීමට මුල් ගල් තබයි



ලංකාවෙ පලමු වතාවට රජයක් විසින් ඉදිකරනු ලබන  පොදු බහු මහල් වාහන අංගනයක් සදහා වැඩ ආරම්භ කිරීම අද කොටුව දුම්රිය පොල යාබද ඉඩමේ දී සිදු උනා.. මෙහිදී පළමු පස් පිඩැල්ල අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා අතින් සිදු වුනා. ඉදිකිරීම් සිදුකෙරෙන්නේ දේශීය සමාගමක් වන ඇක්සස් ඉංජිනියරින් ආයතනය මගිනි.


 මෙවැනි බහුමහල් වාහන අංගන 12 ක්

කොළඹ ඇතුලු අනෙක් නගර වල වල ඉදිකිරීමට නියමිතව ඇති අතර  අද ආරම්භ  වූයේ එහි පළමුවැන්නයි. කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශ වල මෙවැනි අංගන අටක් ඉදිකිරීමට නියමිතයි.


මෙම බහු මහල් රථ ගාලේ පලමු මහල් පොදු කටයුතු සදහාත් තවත් මහල් දෙකක් ශ්‍රී ලංකා පොලිසිය සදහාත් , තවත් මහල් හතක් වාහන නැවැත්වීම සදහාත් ,ඉහලම  මහල පොලීසියේ උසස් නිළධාරීන්ගේ නිවාස වෙනුවෙනුත් වෙන් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad