මා මියයාවිදැයි ට‍්‍රම්ප් අසයි.. ඔහුගේ තත්වය අයහපත්.. ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 4, 2020

මා මියයාවිදැයි ට‍්‍රම්ප් අසයි.. ඔහුගේ තත්වය අයහපත්.. ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි !

කොරෝනා වයිරසය හේතුවෙන් තමන් මිය යාවි දැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා සමීපතම ආධාරකරුවන්ගෙන් විමසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කර සිටින ඇමරිකානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිය යුතු ලෙස පිරිහී ඇතැයි ද විදෙස් මාධ්‍ය වල සඳහන්ය.

ඔහුගේ සෞඛ්‍ය යථා තත්ත්වයට පත්වන තවත් පැහැදිලිව නොමැති බවත් ඔහුට ඉදිරි පැය කිහිපය ඉතා වැදගත් බවත් එම වාර්තා සඳහන් කරයි.

බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කරමින් ද ඇත්තේ ඇමරිකාවේ ජනාධිපතිවරයා ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් හොඳ තත්ත්වයක නැති බවයි.

කොරෝනා ආසාදිත 74 වයසැති ඇමරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් වෛද්‍යවරුන් සහ හෙදියන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා යොදවා ඇත.

මේ අතර ජනාධිපතිවරයා රෝහලේ සිට රාජකාරි කරන ආකාරය සදහන් පින්තූර පෙලක් ධවල මන්දරිය වෙතින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත. 


No comments:

Post a Comment

Post Bottom Ad