පෙම්වතියගේ සහායෙන් ඥාති නැ`ගණියට අතවර කොට තම පෙම්වතියද දූෂණය කළ පෙම්වතා පොලිසියට භාරවෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 20, 2020

පෙම්වතියගේ සහායෙන් ඥාති නැ`ගණියට අතවර කොට තම පෙම්වතියද දූෂණය කළ පෙම්වතා පොලිසියට භාරවෙයි.

තම පෙම්වතියගේ සහාය ඇතිව පෙම්වතිය හමුවේ අවුරුදු 15 යි මාස 3 ක් වයසැති බාලවයස්කාර ඇගේ ඥාති නැ`ගණිය දූෂණය කර පසුව තම පෙම්වතියද දූෂණය කළ පෙම්වතෙකු කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ‍්‍රීනික ජයකොඩි මහතා වෙත ඊයේ (20 දා* පැමිණ භාරවීමේ සිද්ධියක් කොච්චිකඬේ පොලිසියෙන් වාර්තා විය.

 මෙම දූෂණ සිද්ධියට අදාළ 20 හැවිරිදි සැකකරු කටානේ පදිංචිකරුවෙකි. ඔහුගේ දෙමාපියන් විදේශ රැුකියාවලට යෑම නිසා ඔහු පමණක් නිවසේ තනිවම ජීවත්වී ඇත. ඔහුට 17 හැවිරිදි පෙම්වතියක් සිටී. ඔහු පෙම්වතියට පවසා ඇත්තේ පෙම්වතිය (ඇය* ඉදිරියේ තරුණියක් සමග අඹු සැමියන් වශයෙන් සිටීමට තමාට තදබල ආශාවක් ඇති බවය. ඒ අනුව පෙම්වතිය පෙම්වතාගේ ආශාව ඉටු කිරීමට තම නිවසේ රැඳී සිටින වයස අවුරුදු 15 මාස 3 ක් වියැති බාලවයස්කාර තම ඥාති නැගණිය බිලිදීමට සූදානම් කර ඇත.

 තම නැන්දණියට හදිසියේ අසනීපවී ඇති බැවින් නැන්දා බැලීමට කඩිනමින් යන බව වැඩිහිටියන්ට පවසා අතවරය සිදුවූ දින අලූයම 1.00 ට පමණ ත‍්‍රිරෝද රථයකින් තම ඥාති නැෙ`ගණියද සමග පෙම්වතිය නිවසින් පිටත්ව ගොස් ඇත. තම ඥාති නැෙ`ගණිය කැඳවාගෙන යන්නේ තමාගේ තනි නොතනියට බව ඇය වැඩිහිටියන්ට පවසා අවසර ලබාගෙන ඇත.

 ඔවුන් ගමන් කිරීම සඳහා ත‍්‍රිරෝද රථය රැුගෙන විත් ඇත්තේ පෙම්වතියගේ පෙම්වතා විසිනි. පසුව පෙම්වතිය විසින් තම ඥාති නැගෙනිය උපක‍්‍රමශීලීව තම පෙම්වතාගේ නිවසට අලූයම කැඳවා ගෙන ගොස් ඇත.

 පසුව පෙම්වතියගේ ඥාති නැෙ`ගණිය පෙම්වතා විසින් පෙම්වතිය ඉදිරියේම දූෂණය කර ඇත. ඉන්ටික වේලාවකට පසු පෙම්වතා තම පෙම්වතිය ද දූෂණය කර තිබේ. අතවරයට පත් දැරිය පසුව තම නිවසට ගොස් තමාට වූ සිද්ධිය තම මවට හෙළිකිරීමෙන් අනතුරුව බාලවයස්කාර තරුණියගේ මව කොච්චිකඬේ පොලිසියට පැමිණිලි කර ඇත. 

 බාලවයස්කාර තරුණියක් ඇගේ දෙමාපිය භාරකාරත්වයෙන් පැහැරගෙන යෑම සහ ඇය දූෂණය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුගේ පෙම්වතිය අධිකරණය හමුවට පැමිණ වීමෙන් පසු මේ මස 30 වැනි දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. පොලිසිය ඊයේ (20 දා* භාරවූ පෙම්වතා අධිකරණය හමුවට පැමිණවීමට කොච්චිකඬේ පොලිසිය කටයුතු යොදා ඇත. 

 කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ‍්‍රීනික ජයකොඩි මහතාගේ මෙහෙයවීම මත කොච්චිකඬේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උ. පො.ප. පේ‍්‍රමරත්න, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ. පො. පරීක්‍ෂක මපා, කාන්තා පොලිස් සැරයන් (1290* නිරංජලා, පො. කො. (33544* කරුණාරත්න පො. කො. (40290* රුවන් යන නිලධාරීහු විමර්ශනවලට සහභාගි වූහ.

 -Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad