මදූෂ් වෙඩි කෑවේ කංජිපානි ඉම්රාන්ට අයත් කුඩු තිප්පොළකට ගිහින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 20, 2020

මදූෂ් වෙඩි කෑවේ කංජිපානි ඉම්රාන්ට අයත් කුඩු තිප්පොළකට ගිහින්

මදූෂ් ගියේ කංජිපානි ඉම්රාන්ට අයත් කුඩු තිප්පොළකට

වෙඩි හුවමාරුවකදී මිය ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් රැගෙන ගොස් ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කංජිපානි ඉම්රාන්ට අයත් කුඩු තිප්පොළකට බවට අනාවරණ වී තිබෙනවා.

මාකඳුරේ මධුෂ් මත්ද්‍රව්‍ය සොයා ගැනීමකට මාළිගාවත්ත – ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය වෙත ඊයේ (20) අලුයම රැගෙන ගොස් තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය සඟවා තිබූ නිවසේ සිටි පිරිසක් පොලිස් නිලධාරීන් හට වෙඩි තබා ඇති අතර, පොලිස් නිලධාරීන් ද ඊට ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එහිදීයි මාකඳුරේ මධුෂ් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාසයට භාරයේ පසුවන මාකඳුරේ මධූෂ් එහි නිලධාරීන්ගේ අනුදැනුම මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට දුරකථන ඇමතුමක් ලබාදී මෙම නිවාස සංකීර්ණයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි.

ඒ අනුවයි ඊයේ අලුයම පොලීසිය සහ මාකඳුරේ මධුෂ් එම ස්ථානයට පැමිණ ඇත්තේ.

කෙසේ වෙතත්, පසුව එම නිවාස සංකීර්ණයේ 10 වන මහලේ අදාළ නිවසේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා ගත්තා.




No comments:

Post a Comment

Post Bottom Ad