වෛද්‍ය ජයරුවන් අධ්‍යක්ෂක ධුරයෙන් පහ කිරිම නිසා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ PCR පර්යේෂණ අඩු වෙලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 6, 2020

වෛද්‍ය ජයරුවන් අධ්‍යක්ෂක ධුරයෙන් පහ කිරිම නිසා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ PCR පර්යේෂණ අඩු වෙලා



වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ලෙස සේවය කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හදිසියේ එම තනතුරෙන් ඉවත් කිරිමත් සමග එම ආයතනයෙන් සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාවේ අකර්මන්‍යතාවක් ඇතිව තිබෙන්නේ යැයි එම ආයතනයේ එම ආයතනයේ ජේෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රජයේ පුවත්පතක් වන “දිනමිණ” වාර්තා කර සිටිනවා.


කොවිඩ් 19 වෛරසයේ බලපෑම රටට තදින්ම දැනෙන අවස්ථාවක වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් රටට ලබාදිය යුතු සේවාව නිසි ලෙස ලබාදෙමින් සිටියදී හදිසියේ මෙවැනි තත්ත්වයක් උද්ගත වීම ගැටලුකාරී බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් කිහිපදෙනෙකුගේ උවමනාව මත මෙම ඉවත් කිරිම සිදුකර ඇති බව එම නිලධාරියා සඳහන් කර සිටියි.


සාධාරණක් හේතුවක් නොමැතිව අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කර එම ආයතනයේම නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස එහි අධ්‍යක්ෂකවරයා පත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරිම අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරින්ගේ කටයුත්තක් බව එම නිලධාරියා සඳහන් කර සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad