ලංකාවේ සිවිල් ක‍්‍රියාකාරීන් බිය ගැන්වීම නවතනු..- UN මහ ලේකම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 1, 2020

ලංකාවේ සිවිල් ක‍්‍රියාකාරීන් බිය ගැන්වීම නවතනු..- UN මහ ලේකම්

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් බිය ගැන්වීමට සහ ඔවුන්ගෙන් පලි ගැනීමට පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර තිබේ.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත විශේෂ වාර්තාවක් යොමු කරමින් මහ ලේකම්වරයා මෙම චෝදනාව එල්ල කර ඇත.

මීට පෙර පැවති ජිනීවා හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගි වූ ලාංකිකයන් කිහිප දෙෙනකුද මේ වන විට ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.

මේ ආකාරයෙන් සිදු කරන බලපෑම වහාම නතර කරන්නැයි ශ්‍රී ලංකා බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවද එම වාර්තාවේ තවදුරටත් දැක්වෙයි. 

No comments:

Post a Comment

Post Bottom Ad