සියළු සායනික පර්යේෂණ සාර්ථකයි.. අතුරු ආබාද කිසිවක් නෑ.. කොරෝනා මඩින රුසියානු එන්නත ලොව පුරා බෙදා හරින්න WHO අනුමැතිය ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 29, 2020

සියළු සායනික පර්යේෂණ සාර්ථකයි.. අතුරු ආබාද කිසිවක් නෑ.. කොරෝනා මඩින රුසියානු එන්නත ලොව පුරා බෙදා හරින්න WHO අනුමැතිය ඉල්ලයි

කොරොනා වෛරසය ආසාදනය වැළැක්වීමට රුසියාව විසින් නිපදවන ලද ‘ස්පුට්නික් 5’ නැමැති එන්නත ලොව පුරා වාණිජ මට්ටමින් බෙදා හැරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුසියානු රජය විසින් ඉල්ලීමක් කර තිබේ.

මෙම එන්නත සම්බන්ධයෙන් සිදු කළ යුතු සියලු සායනික අත්හදා බැලීම් සාර්ථකව අවසන් වූවන් අතුරු ආබාධ කිසිවක් වාර්තා නොවන බවත් රුසියානු රජය විසින් මෙම ඉල්ලීම කරමින් දැනුම් දී ඇත.

එන්නත සාර්ථක සහ ආරක්ෂිත බවට රුසියානු වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු මෙම ඉල්ලීම කර ඇත.

කෙසේ නමුත් මෙම එන්නද සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් මෙතෙක් කිසිවක් පවසා නැත.

රුසියානු විරෝධී බටහිර රටවල් කිහිපයක් සඳහන් කර ඇත්තේ රුසියාව එන්නත ලබාදීම සිදු කළේ රුසියානුවන් ගේ ජීවිත අනතුරේ දමන බවත් එන්නත ලබා දුන් ඇතැමුන් අතුරු ආබාධ පෙන්නුම් කරමින් සිටින බවත්ය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි විශ්වාසයක් තබා ඇත්තේ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆ්ර්ඩ් සරසවිය හා තවත් සමාගමක් එක්ව නිපදවන එන්නතක් පිළිබඳවයි.

එය ආරක්ෂිත එකක් වනු ඇති බවත් එළඹෙන නත්තලට කලින් එය එළි දැක්වීමට හැකි වනු ඇති බවත් බලාපොරොත්තු තබා සිටි ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් සඳහන් කර ඇත්තේ එය එළි දැක්වීම එළැඹෙන වසර තෙක් කල් යනු ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad