රටේ අවධානම 03 වන අදියරට : ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවලට විශේෂ උපදෙස් මාළාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 1, 2020

රටේ අවධානම 03 වන අදියරට : ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවලට විශේෂ උපදෙස් මාළාවක්

ට තුළ පවතින කොවිඞ් -19 වසංගත තත්ත්වය අවධානම් තුන්වන අදියර හෙවත් Alert Level  තී‍්‍ර ලෙස සැළකෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය කියා සිටියේ රට තුළ කොවිඞ් -19 තත්ත්වය වරින් වර වෙනස් වීම් වලට භාජනය වන බවයි. සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය මේ බව සඳහන් කළේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා නොමැති ප‍්‍රදේශවල ක‍්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින්.

ඒ අනුව ඇඳිරි නීතිය නොමැති ප‍්‍රදේශවල පවා ගෘහස්ථ උත්සව, එළිමහන් උත්සව, මහජන රැුස්වීම්, සැණකෙලි, සංගීත සංදර්ශණ සහ වෙරළ සාද සඳහා අවසර හිමිවන්නේ නැහැ. පාසැල්, විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන මෙන්ම උපකාරක පංති, සිනමාශාලා, ළමා උද්‍යාන හා සත්වෝද්‍යාන, පිහිනුම් තටාක, කැසිනෝ, රාතී‍්‍ර සමාජ ශාලා, සම්බහන මධ්‍යස්ථාන මෙන්ම නවාතැන් සපයන ස්ථානද වසා තැබිය යුතු බවයි අදාල මාර්ගෝපදේශනයේ දැක්වෙන්නේ. 

මීට අමතරව නිවසින් බැහැර වීම, පොදු ප‍්‍රවාහනය, රාජ්‍ය ආයතන හා කාර්යාල, වෙළදසැල්, බැංකු, ආර්ථික මධ්‍යස්ථාන, ආහාර නිෂ්පාදන ආයතන, ව්‍යාපාරික ස්ථාන, අධිකරණ හා බන්ධනාගාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද මෙමගින් මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. මෙම සම්පූර්ණ මාර්ගෝපදේශමාලව පහතින් දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad